කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය කෘෂි කර්මාන්තයේ යෙදීසිටින ජනතාවගේ කෘෂිකාර්මික අවදානම කළමනාකරණය කිරීම සඳහා මෙවලමක් වශයෙන් ලෝකයේ බොහෝ රටවල භාවිතා කරන “කෘෂි භෝග රක්‍ෂණය” කිරීම සඳහා පිහිටුවා ඇති එකම රාජ්‍ය ආයතනය වේ. මණ්ඩලය විසින් පසුගිය දශක පහකට ආසන්න කාලයක් කෘෂිකාර්මික කටයුතු සඳහා අවදානම් කළමනාකරණයද, පශු සම්පත් සංවර්ධනයේ අවදානම් කළමනාකරණය කිරීම සඳහාද ඉටුකරනු ලබන කාර්යය භාරයට අමතරව සමාජ ආරක්‍ෂණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරමින් කෘෂිකර්මාන්තයේ යෙදීසිටින ජනතාවගේ අනාගත සුභ සිද්ධිය වෙනුවෙන්ද ක්‍රියාත්මක වේ. කෘෂි කර්මාන්තයේ යෙදීසිටින ගොවි ජනතාව තමන්ගේ රැකියාව, ජීවනෝපාය, මානසික සැනසීම උදෙසා කෘෂි කර්මාන්තයේ යෙදීසිටින අතර එයින් ලබන ඵලදාව පරිභෝජනයට සහ වෙළඳ පල වෙත නිකුත් කිරීමෙන් අපරිමිත තෘප්තියක් ලබාගනී. එසේ වුවද කෘෂි කර්මාන්තය යනු මෝසමත් සමඟ සූදුවක් යන කියමනට අනුව කෘෂිකාර්මිකයාට විවිධ හේතූන් මත භවභෝග විනාශවීමෙන් ලබන මානසික පීඩනය හා ආර්ථික අලාභයද අපමණය. එම හානිවීම් නිසා කෘෂි කර්මාන්තයේ යෙදීසිටින ජනතාවගෙන් ගිලිහීගිය ආර්ථික ශක්තිය නැවත ඔවුන් වෙත ලබාදෙමින් කෘෂි කර්මාන්තයේ රඳවා තබාගැනීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය විසින් පසුගිය කාලපරිච්ඡේදයක් පුරා කටයුතු කළ අතර, අනාගතයේදීද එය වඩාත් කාර්යක්‍ෂමව කරමින් නවීන තාක්‍ෂණය හා මුසුකොට ඉටුකිරීමට අවශ්‍ය අඩිතාලම සකස්කොට අවසන්කර ඇත.
කෘෂි කර්මාන්තයේ යෙදීසිටින ගොවි ජනතාවගේ අනාගත සුරක්‍ෂිතතාවය අනෙකුත් රැකියාවල නියුක්තව සිටින ජනතාවගේ අනාගත සුරක්‍ෂිතතාවයට වඩා අවදානමක් පවතී. එබැවින් ඔහුගේ ජීවිතයේ සැඳෑ සමය ගතකිරීමට ඇති සුරක්‍ෂිතභාවයක් සැපයීමේ සමාජයීය වගකීම රජය විසින් භාරගෙන වෙළඳපල තුළ ඇති අනෙකුත් සමාජ ආරක්‍ෂණ ක්‍රමවලට වඩා රාජ්‍ය සහනාධාරයක් තුළ ඔවුන්ගේ සැඳෑ සමය සුරක්‍ෂිතකර ගැනීම සඳහා සකස්කොට ඇති මෙම නව ගොවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ කාර්යයට දායකවීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයට ඉඩකඩ ලැබීමද භාග්‍යයට කරුණක් සේ සළකමි. මෙම සත්කාර්යය සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය වෙත “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දක්වා ඇති පරිදි අවශ්‍ය දිශානතිය සපයා නව ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයකට අනුමැතිය ලබාදුන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාටත්, ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාටත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු අමාත්‍යාංශයේ සියළුම නිලධාරීන්ටත්, කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයටත්, සියළුම කාර්යය මණ්ඩල සාමාජික මහත්ම මහත්මීන්ටත් ස්තිතුවන්ත වීමට මෙය අවස්ථාවක් කර ගනිමි.